Thursday, June 21, 2012

බලං ඉඳිම් මං……

බලං ඉඳිල්ල එපා වෙච්ච දවසක අත්ඇරලා දාන්නම්. ඒත් දැන්ම නෙවෙයි. මට තාමත් බලං ඉන්න පුළුවන්. ඔයා එනකම් බලං ඉන්න පුළුවන්. ඇවිල්ල මම ඉන්නවද නැද්ද ගානක්වත් නැතුව ආයෙත් යන හැටි බලං ඉන්නත් පුළුවන්. හැමදාම කාගේ හරි උපන්දිනෙකට සුභ පතන හැටි බලං ඉන්න පුළුවන්. ඒ මගේ උපන්දිනේ උනානම් කියල හිත හිත ඒ දිහා බලං ඉන්නත් පුළුවන්. පොඩ්ඩකට ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. ඇවිත් සැහෙන වෙලාවක් යනකම් ඔයා මුකුත් නොකර ඉන්න හැටි බලං ඉන්නත් පුළුවන්.අනිත් හැමෝමත් එක්ක කතා කරලා දුක සැප අහල යන හැටි බලං ඉන්න පුළුවන්. මොනවා කරත් මාත් එක්ක කතා නොකර යන හැටි බලං ඉන්නත් පුළුවන්. එ‍ක හිනාවක්‌ දිහා බලං ඉන්න පුළුවන්. පොඩ්ඩක්වත් හිනා නොවී මාත් එක්ක තරහින් වගේ ගස්සල යන හැටි බලං ඉන්නත් පුළුවන්. අවේලාවේ ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. කිසිම වෙලාවක නේන හැටි බලං ඉන්නත් පුළුවන්. වැඩක අතරතුර ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. කිසිම වැඩක් නැති වෙලාවට ඇවිත් කාලේ කන හැටි බලං ඉන්නත් පුළුවන්.
ඒත් වෙන කාට හරි ආදරේ කරනවා බලං ඉන්න පුළුවන් වෙයිද මට?

7 comments:

  1. නිකමට අහම්බෙන් වගේ ගොඩ වැදුනාම දැක්කෙ...:)

    බලන් ඉදිල්ලත් හරි අමුතු දෙයක් නේද?? මමත් කාලයක් තිස්සෙ එක දෙයක් වෙනුවෙන් බලන් ඉන්නවා...ඒක අවසානයක් තියෙන ඉදිල්ලක් නෙවෙයි ඉතින්....

    ReplyDelete
    Replies
    1. කවදාවත් අවසානයක් නොතිබුණත්, ඒ බව දැනදැනත්, හැමදාම බලං ඉන්නව.

      Delete
  2. අපි හැමෝම බලන් ඉන්නවද මන්ද කියල හිතෙනව...,

    ReplyDelete
  3. මම දන්නෙ නෑ සහොදරය උබ කවුද කියලවත්, ගොඩක් කාලෙකට කලින් මම මේ බ්ලොග් එකට අහම්බෙන් වගේ ඇවිත් "ඈත යන නුඹ..." කියන පොස්ට් එක කියෙවුව, ඒක මගේ හිතට වැදුන පොස්ට් එකක් හින්ද මම bookmark එකක් දාගත්තා මේ බ්ලොග් එකේ..ඊට පස්සෙ අද තමා මේකට එවුනෙ.., අද සේරම පොස්ට් ටික කියෙවුවා. ගොඩක් වටින වෙනස් අදහස් ටිකක් තියෙනව මේ බ්ලොග් එකේ. පුලුවන්නම් මේක සින්ඩිකේටර් එකකට දාන්න එතකොට අනිත් අයත් මේක කියවාවි.. කාපු බීපු හැටි ලියන බ්ලොග් මිසක් මේ වගේ වෙනස් දේවල් රසට ලියන බ්ලොග් අඩුයි..

    ReplyDelete
  4. මගේ ලිවිල්ලේ හැටි පේනවනේ සහෝදරයා. සින්ඩි වලට දාන්න මහන්සි උනේ නෑ නොලියන මාව එළව එළව ඉන්න නිකරුණේ මහන්සි කරවන එකේ තේරුමක් නැති නිසා..
    ජීවිතේ එක එක දේවල් අතරේ කොළකෑලි වල කුරුටු ගාන හිතුවිලි ඉඳල හිටල යුනිකේත වලට හරවනවා.
    ඒත්, මෙහෙම ගොඩ වැදිලා කොමෙන්ටුවක් දාල යන ඔබ හින්දා තව පොඩ්ඩක් හයියක් එනවා හිතට, ලියන්නටම කියල. ස්තුතියි සහෝදරයා ඒ වෙනුවෙන්.

    ReplyDelete
  5. hariyatama awuruddakata withara passe mama adath awa.... mama me post ekata puduma widiyata kamathi.... tharaha wenna epa sahodaraya mama meka mage FB eke damma..habai link ekath ekka... kohomada ban meka liwuwe...? :D

    ReplyDelete
  6. අවුරුද්දකට විතර පස්සේ ආවම තමයි මමත් මේ ටික කියෙව්වේ. මගේ ජීවිතේ එක එක තැන් වලදී මට දැනුන එක එක හැඟීම් මචං මේවා.
    තරහක් නෑ මචං. මට ලොකු සතුටක්. මේ බ්ලොග් එකට උඹ හරි ගොඩ වෙලා යන එක ලොකු දෙයක්., මමත් නැතිකොට නිතර.

    ReplyDelete

දැනුණු දෙයක්., පහළින් කියන්න.