Friday, December 24, 2010

හදවතින් ඈත් වුන . . . මොළේ...

   මම කිව්වා.,මගේ කෙල්ලට;    මට දැන් කිසිම හැඟීමක් දැනෙන්නේ නෑ. මම හැඟීම් වලට වටිනාකමක් දෙන්නේ නෑ. මං දන්නවා අපි දෙන්න මේක පටන් අරන් දැනට අවුරුදු 2 1/2ක් විතර වෙනවා කියල. ඒත් එච්චර කාලයක් ගත උන විදිය ගැනවත් මට කිසිම හැඟීමක් නෑ. ඔයා ගැනත් මට එහෙම හැඟීමක් නෑ.
එයා අහනවා මගෙන්; ඇයි රත්තරන් මෙහෙම කියන්නේ හදිස්සියේ....
                          මම දන්නේ නෑ. මගෙන් අහන්නත් එපා, ඇයි කියලා.. මට ඕන මගේ ජීවිතේ ඉස්සරහ ගැන හිතල හොඳ තීරණයක් ගන්න. මම ඉස්සරහට මොනවා කරත්, මොන දේ උනත්, මාත් එක්ක ඉන්න පුළුවන් කෙල්ලෙකුයි මට ඕන. ඉස්සර වගේ, සැහැල්ලුවෙන්, හැමදේම ගැන නොහිතා, තීරණ ගන්න බෑ මට. සාමාන්‍ය මිනිහෙක් වගේ ඉන්නයි ඕන මටත්. සාමාන්‍ය රස්සාවක් කරලා, සාමාන්‍ය කෙල්ලෙක් බැඳලා, සාමාන්‍ය ළමයි දෙන්නෙක් හදාගෙන, සාමාන්‍ය ordinary ජීවිතයක් ගෙවල, සාමාන්‍ය විදියට ජීවිතේ අන්තිම කාලේ ගෙවලා සාමාන්‍ය විදියට මැරිලා යන්නයි මට ඕන.. එහෙම ජීවිතෙකට, මාත් එක්ක, මගේ ළඟ ඉන්න පුළුවන් කෙල්ලෙකුයි මට ඕන. අන්න ඒ කෙල්ල තෝර ගනිද්දී., මේ සැරේ, මම ඒ තීරණේ ගන්නේ මගේ හදවතින් නෙවෙයි. මොළෙන්.. ඔලුවෙන් කල්පනා කරලා බලලයි මේ සැරේදී මට ඒ තීරණේ ගන්න ඕන. හදවතට ඉඩ දීපු වෙලාවට අන්තිමට ඉතුරු උනේ කරදර මිසක් වෙන මුකුත් නෙවෙයි. ඒ හින්දවත් මේ සැරේ මොළෙන් මේ තීරණේ ගන්න ඕන.
සද්දයක් නෑ එයාගෙන්.
ඔයාට තේරුම් ගන්න ලේසි වෙන්න, මම කියන්නම් මම ඉන්න තැන. මම ඉන්නේ හැඟීම් වලට කිසිම වටිනකමක් දෙන තැනක නෙවෙයි. හැඟීම් වලින් විතරක් ජීවත් වෙන්න බෑ. ආදරෙන් විතරක් ජීවත් වෙන්න බෑ. මම මේ වෙලාවේ බලන්නේ භෞතික දේවල්. සාධාරණ කරුණු..
           මම අහන්නම් ඔයාගෙන් ප්‍රශ්නයක්;    මම., මගේ ජීවිතේ වැඩි හරියක් වන ඉතුරු කාලේ, ඔයත් එක්ක ගෙවන්න ඕන ඇයි කියන එකට මට සාධාරණ points දෙන්න.  
    ........................ ... ..
හරි, මෙහෙම තෝරද්දී ආදරේ කියන කරුනුත් යම්තාක් දුරකට බලපාන නිසා මම එකටත් යම්කිසි points ප්‍රමාණයක් දෙන්නම්. දන්නවා ඔයා මට ආදරෙයි කියලා. ඒ හින්ද ඒ points ටික එකතු කරා ඔන්න. 
වෙන..........................................................................................


    'වෙන මුකුත් නෑ රත්තරන් මේ කෙල්ලට ඔයාට දෙන්න. ඔයාට කැමති තීරණයක් ගන්න. හොඳින් ඉන්න. බුදුසරණයි.'

ථීක් ථීක් ථීක්......................
කට් කරන්න කලින් යාන්තමට පොඩි ඉකිබිඳුමක් ඇහුනා මට මම හිතන්නේ.......
.

Thursday, December 23, 2010

අන්තිම පරිච්ඡේදය |.

සිංහලෙන් බ්ලොග් එකක් කරන අදහස හිතට ආවෙ අද ඊයෙම නෙවෙයි. ඒත් කොහොම කොහොම හරි වැඩේ පස්සට ගියා. ඊටත් කලින් මගේ හිතේ තිබුණේ සිංහලෙන් පත්තරයක් කරන්න. පත්තරයක් කිව්වට පත්තරයක්මත් නෙවෙයි. pdf පත්තරයක්… ඒ වැඩෙත් අතෑරුණා කියමුකො කොහොම කොහොම හරි…
ඒ හැමදේම හිතේම තියාගෙන ඉඳල ඉඳල මල් ඵල ගැන්වෙන්න යන පළවෙනි වතාව තමයි මේ…අන්තිම පරිච්ඡේදය මුලින්ම ලියන්න හිතුවෙ ඇයි කියලා කවුරු හරි අහවි… හිතුනත් අහන්න නම් එපා. මොකද මාත් දන්නෙ නෑ ඇයි කියල නම්… හැමදේම පටන් ගන්න ඕන. ඒක තමයි අමාරුම වැඩෙත් මම හිතන්නේ. ඇත්තටම.., පටන් ගන්න එක කොච්චර අමාරුද කියල හිතෙන්නේත් පටන් ගන්න හදන කොටයි., හරියට දැන් වගේ…
ඊට වඩා සෑහෙන්න ලේසියි අන්තිම පරිච්ඡේදය ලියන එක. ඕක තේරෙන්නේ ඉතින් ලියන්න පටන් ගන්න කොටම තමයි…
අමාරුවෙන් හරි පටන් ගත්තා කියමුකො. ඒත් ලියන්න හැදුවම හිතෙනවා මොනව කියල ලියන්නද කියල. (එහෙමම නෙවෙයි මම කිව්වෙ. හිතාගන්න බෑ කොහෙන් පටන් ගන්නද කියලා…)
පුංචි පුංචි දේවල් කොච්චර තිබ්බත් හිතෙන්නෙ ලොකු දේවල්… ඒත් ඒ දේවල් ලියන්න තියා හිතල ඉවර කරන්නත් බැරි තරම්ද කියල හිතෙනව මට…
මේ ටික කියෙව්වමම හිතෙයිද දන්නෙ නෑ “මේ මොන පිස්සෙක්ද මූට කිසිම දෙයක් හිතාගන්න බෑනේ” කියලා. ඇත්තටම කිව්වොත් ඒකෙත් වැරද්දක් නෑ. හරිම තමයි…
මම හිතන්නෙ.., ජීවිතෙදි අපිට වෙන දේවල් එක්ක බැලුවම., මුකුත් ගැන නොහිතා ඉන්න එක වැඩිය හොඳයිද මන්දා… ඒක ගැන නම් වැඩි දෙනෙක් මාත් එක්ක එකඟ වේවි. කොහොම උනත්.., ජීවිතේ කියන්නෙ හරිම අමුතු දෙයක්. ඒකට ‘අමුතු’ ඇරුනම වෙන වචනයක් හිතා ගන්න බෑ මට… ඒ තරමටම අමුතුයි…
ජීවිතේ ඕනවට වඩා විග්‍රහ කරන්න යන්න එපා. ඒකෙ තියෙන අමුතුම අමුතු අමුත්ත විග්‍රහ කරන්න හදන්නත් එපා. එතකොට ජීවිතේ තවත් අමුතු වෙවි. ඔයාටවත් මටවත් හොයාගන්න, හිතාගන්න බැරි තරම් අමුතු වෙයි.
පරිස්සමෙන්…….
අන්තිම පරිච්ඡේදය දැනට නිමි..