බලං ඉඳිල්ල එපා වෙච්ච දවසක අත්ඇරලා දාන්නම්. ඒත් දැන්ම නෙවෙයි. මට තාමත් බලං ඉන්න පුළුවන්. ඔයා එනකම් බලං ඉන්න පුළුවන්. ඇවිල්ල මම ඉන්නවද නැද්ද ගානක්වත් නැතුව ආයෙත් යන හැටි බලං ඉන්නත් පුළුවන්. හැමදාම කාගේ හරි උපන්දිනෙකට සුභ පතන හැටි බලං ඉන්න පුළුවන්. ඒ මගේ උපන්දිනේ උනානම් කියල හිත හිත ඒ දිහා බලං ඉන්නත් පුළුවන්. පොඩ්ඩකට ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. ඇවිත් සැහෙන වෙලාවක් යනකම් ඔයා මුකුත් නොකර ඉන්න හැටි බලං ඉන්නත් පුළුවන්.අනිත් හැමෝමත් එක්ක කතා කරලා දුක සැප අහල යන හැටි බලං ඉන්න පුළුවන්. මොනවා කරත් මාත් එක්ක කතා නොකර යන හැටි බලං ඉන්නත් පුළුවන්. එක හිනාවක් දිහා බලං ඉන්න පුළුවන්. පොඩ්ඩක්වත් හිනා නොවී මාත් එක්ක තරහින් වගේ ගස්සල යන හැටි බලං ඉන්නත් පුළුවන්. අවේලාවේ ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. කිසිම වෙලාවක නේන හැටි බලං ඉන්නත් පුළුවන්. වැඩක අතරතුර ඇවිත් යන හැටි බලං ඉන්න පුළුවන්. කිසිම වැඩක් නැති වෙලාවට ඇවිත් කාලේ කන හැටි බලං ඉන්නත් පුළුවන්.
ඒත් වෙන කාට හරි ආදරේ කරනවා බලං ඉන්න පුළුවන් වෙයිද මට?