Monday, January 31, 2011

ඈත යන නුඹ...

නොදැන හිටියා නෙවෙයි අපි අපිව., ආදරේ කළා තුන් හවුරුද්දක් පුරාවටම...
තේරුම් අරන් හිටියා අපි අපිව., පොඩි සුසුමක වුනත් වෙනස හඳුනන තරමටම...
ඒත් අඳුරගෙන හිටියාදැයි අපි අපිව., සැකයි මට වෙන් වුනේ ඒ නිසාදැයි අපි අපෙන්....

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඈත යන නුඹ දුටුවාම., හිතුනා කතා කරන්නට., කොහොමදැයි අහන්නට., තරහින්ද බලන්නට..
මැඩගතිමි ඒ හැඟුම්., බලෙන් තෙරපලා හිත ඇතුලටම...
දුටුවෙමි නුඹ යන සැටි., නොදකිමින් මාව., නුඹේම සිහිනයක අතරමංව., මම නොසිටි ලෝකයක...
සිහින් සතුටක් ලැබිමි., නුදුටු හින්දා නුඹ මාව., තවත් අවුස්සන්නට ඕන කමක් නැති හින්දා., ඒ

අතීතය......

3 comments:

  1. නොදුටුවා නොවෙයි ඇය, පෙනෙන්නටමයි ගියේ නුඹට. මවාගත් සිහින ලොවක, අතීතයක් නැති අනාගතයකට පැවැත්මක් තියේවිද?

    ReplyDelete
  2. අතීතයක් අහිමි, වර්තමානයක් නොමැති, අනාගතයක් උදාවනතුරු, බලා ඉන්නා මගේ හීනය.
    නොදනිම්, කවදා හැබෑ වේදැයි කියා....

    ReplyDelete

දැනුණු දෙයක්., පහළින් කියන්න.