(ලියූ දිනය විය යුත්තේ අගෝස්තු 07, 2012 දින සිට මාස 04කුත් දවස් 14ක් ගත වූ දින මුත් මෙය ලියුවේ ඊට සෑහෙන දින ගණනකට පෙර බව යන්තං සිහිවේ.)
අද වෙනකොට හරියටම මාස හතරකුත් දවස් දාහතරකුත් ගතවෙලා. වරෙන්තුව හම්බවෙලා. ජීවිතේ කිසිම අවස්ථා සම්බන්ධයක් නැති මාස හතරකුත් දවස් දාහතරක්. ගත වෙලා ගිහින්. ගොඩක් පාරවල් පෙන්නපු ජීවිතේ මම යන්නං කියල තෝරගත්තු එක පාරක් මේක. නවතින්න විදියක් නැති, ආපහු හැරෙන්න බැරි පාරක ඉස්සරහට යනගමන්. ඉස්සරහටම මිස වෙන යන්න දිහාවක් නැති පාරක්. මොනවා කියල කරන්නද? කරන්න කියල මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මම දන්නේ නෑ. එක අතකට හිතෙනවා දැනගන්න මට උවමනාවකුත් නැද්ද කියල. මම දන්නේ නෑ.

වසන්තයකුත් ගිම්හානයකුත් ඉවර වෙලා ගිහින්. හිම වැටිච්ච සුදු පාටක් විතරක් ඉතුරු වෙලා. මල ගෙවල් වල පාට. මට එහෙම හිතුන. ඒත් මෙහෙ මිනිස්සු මළගෙවල් වලට අඳින්නේ කළු. සුදු නෙවෙයි. ඒත් මම තාම මලගෙදරකට අඳින්නේ සුදු. කළු සුදු අතර අවුලක්. පරතරයක්. වෙනසක්.
වරෙන්තුව හම්බවෙලා අදට මාස හතරකුත් දවස් දාහතරක්. ජීවිතේ ගෙවිල යන හැටි බලං ඉන්නවා මං. වෙනස් කරන්න උවමනාවක් නෑ. මොකද මම වෙනස් කරන විදියෙන් වැඩියෙන්ම පස්සට පාඩු වෙන්නෙත් මට නිසා. ගත කරන ජීවිතයක් නෙවෙයි. ගෙවිල යන ජීවිතයක්. හිතාගන්න බැරුව ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න වෙලාවල් අනන්තයි. අප්‍රමාණයි. මාස හතරකුත් දවස් දාහතරකුත් ගත උනාට පස්සේ තව මොනවා වෙනස් කරන්නද? ඕන නෑ. ඔන්න ඔහේ ඉතුරු ටිකත් අනන්ත අප්‍රමාණ බලං ඉඳිල්ලෙම ගෙවල දානවා. තව කොච්චරක් කියල බලං ඉන්නද? මම දන්නේ කොහොමද? කොහොම උනත් තව මාස හතරකුත් දවස් දාහතරකට නම් වැඩියි. ඒක මං දන්නවා. ඒ වගේ තව තව තව දහදොළොස් වාරයක්. ඔහේ ගෙවිල යාවි. තවත් ටිකක් ගෙවිල යාවි.
ජීවිතේ ගෙවිල යාවි.
ජීවිතේ ගෙවිල යාවි.
No comments:
Post a Comment
දැනුණු දෙයක්., පහළින් කියන්න.