ජීවිතේ ප්‍රථම ආදරය අමතක කරන්න බෑ කියන්නේ ඇත්තද? බොරුද? දැක්කේ මූණු පොතේ ටැග් කරලා තිබිච්ච පින්තූරෙකින්.. හිතෙන්නේ පොඩි දෙයයි. අපි අපේ ජීවිතවල හැමදේම මනින්නේ අපි ඒ ගැන ලබන ප්‍රථම අත්දැකීමෙන් කියලයි මම හිතන්නේ. අපි අ යන්න ලියන්න ඉගෙන ගන්නෙත් ඒ දිහා බලන් ඉඳල. පලවෙනි වතාවට අපි ඒ දකින දේ වැරදි නම්, අපි අපේ මුළු ජීවිත කාලේ පුරාවටම ඒ වගේ වැරදියට ලියාවි.
නෑ.. මම එහෙම කියන්නේ නෑ. ඒ වැරැද්ද හදාගන්න පුළුවන් අපිට. නමුත් ඊට වඩා සංකීර්ණ දෙයක් ගැන හිතන්න.
ආදරේ.. අපි කාලයක් පුරාවටම ලබන අත්දැකීමක්. අපි අපේ මුළු ආත්මයටම විඳින්න ඉඩ අරින අත්දැකීමක්. අපේ මතකයේ තැන්පත් වෙන්න ඉඩ දීලා, ඒක නැවත නැවතත් සිහි කරලා සතුටු වෙන අත්දැකීම් ගොන්නක්.. මම එකින් එකට පැහැදිලි කරන්න උවමනා නෑ. (යම්කිසි විදියකින් හෝ ආදරේ විඳපු අයට පමණයි මේ පොස්ට් එක කියල ඔන්න දැම්ම වෙන් කළා.)
අපි ඒ වගේ ආදරයක් ආයෙත් විඳිනවා කියල හිතන්න. ජීවිතේ දෙවෙනි වතාවට. පලවෙනි ආදරයේ අත්දැකීම් මතකයේ තැන්පත් වෙලා තියෙනවා. අපි දෙවෙනි වතාවටත් එකම විදියේ දේවල් අත්දකින කොට, අපි ඉබේම ඒවා අපේ පලවෙනි අත්දැකීමත් එක්ක සංසන්දනය කරලා බලනවා නේද? පුරුදු තැනකට ගිහින් වාඩි වෙලා හිටියත්, අතීතයේ දවසක අපි එතැනදී කල දෙයක් එතන පොදු සම්මතය වෙනවා. අපි දෙවෙනි වතාවේදී එතැනදී කරන දේ අපි මනින්නේ ඒ පොදු සම්මතය මත ඉඳගෙන. අපි දෙවෙනි වතාවේදී අත්දකින දේ ඒ පොදු සම්මතයට වඩා, ඒ සම්මතයේ ප්‍රමාණයට වඩා වැඩිද අඩුද, උසස්ද පහත්ද කියල මැනගන්නයි අපි පුරුදු වෙලා ඉන්නේ. ඒක වරදක් නෙවෙයි. ඒ හැටි..
අපේ දෙවෙනි ආදරේ අපිට ලබාදෙන්නා ගැන උනත් එහෙමයි. සරලවම කිව්වොත්, මොකක් හරි දේකදී., "එයා මෙහෙම කළා, ඒත් ඇයි ඔයා එහෙම නොකරන්නේ" කියල කටින් නොකිව්වත් අපි හිතින් මුමුණනවා. අපි බලාපොරොත්තු වෙනවා එහෙම වෙයි කියල. පලවෙනි වතාවේ අත්දැකීමත් එක්ක අපි සංසන්දනය කරලා, ඊට වඩා හොඳ මට්ටමකින් ලැබුනොත් සතුටු වෙන්නත්, අඩු උනොත් දුකක් දැනෙන්නත්, ඒ මට්ටමටම වගේ විඳින්න ලැබුනොත් කිසිම හැඟීමක් නොපෙන්වන්නත් අපි නිකන්ම පෙළඹෙනවා. වරදක් නෙවෙයි.. ඒ හැටි..
අපි ආදරේ කරන පුද්ගලයා කියන්නේ අපේ ජීවිතේ අපි කෙනෙකුට ලබාදෙන තැනක්. සාමාන්‍ය සමාජ සංස්කෘතිය ඇතුලේ අපි, අපේ ජීවිත තුල එක එක පුද්ගල ස්ථාන වෙන් කරලා තියෙනවා. අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට වගේම ගුරුවරයාට, අගය කරන්නාට, සුපර් මෑන්ට වගේම හොඳම යාලුවට යෙහෙළියට වගේම අපි ආදරය කරන කෙනාටත්. සමහර වෙලාවට ඒ තැන පුරවන පුද්ගලයා වෙනස් වියහැකියි වගේම කවදාවත් වෙනස් නොවීමේ අවස්ථාද බොහොමයි. යම් විදියකින් වෙනස් උනොත්.... අන්න එදාට අපි ඒ දෙවෙනි වතාවට ඒ තැන ගන්න පුද්ගලයාව මනින්නේ ඒ තැන පළමු වතාවට තියාගෙන හිටපු පුද්ගලයා හා සසඳලා. එතැනදී අපි දෙවැන්නාගේ අඩුපාඩු විවේචනය කරන්නත්, පළමුවැන්නා කල අපි කැමති වූ දෙයක් දෙවැන්නාගෙන් බලාපොරොත්තු වෙන්නටත් අපි ඉබේම පෙළඹෙනවා. ඒක ආදරය සම්බන්ධයෙන් විතරක් විශේෂිත කාරණයක් නෙවෙයි. අපි අර වෙන් කරලා තියෙන කොයි පුද්ගල ස්ථානයටත් පොදු කාරණයක්..
අපි මේ සැසඳීම් හුඟක් වෙලාවට කරන්නේ දැනුවත්ව නෙවෙයි. මම අදහස් කරන්නේ., ඉතා හොඳින් තේරුම් අරන්, මම මෙහෙම කරනවා කියල සිහිබුද්ධියෙන් යුතුව නෙවෙයි මෙහෙම කරන්නේ. බොහොම සවිඥානිකව.. නොදැනුවත්වම.. කොහොම උනත් මේ සවිඥානික සැසඳීමෙන් පස්සේ අපේ හිතට පොඩි 'කහටක්' දැනෙනවා වගේ හැඟීමකුත් දැනිල තියෙන බව මට තේරුම් ගිය වතාවලුත් බොහොමයි.
පලවෙනි අත්දැකීම වගේම තවත් යමක් දෙවෙනි වතාවට සිද්ධ වෙන, අපි ඒක අත්දකින වෙලාවකදී අපි අපේ පළමු අත්දැකීම, "මෙය සිදුවිය යුත්තේ මෙහෙමයි" කියන සම්මතය විදියට හිතේ පැලපදියම් වෙන බවයි මට තේරුම් යන්නේ.
ඒක අ යන්නටත් පොදු වෙන්න ඉඩ තියෙනවා සමහරවිට..
ඕක වෙන්නේ මෙන්න මෙහෙමයි ....
ReplyDeleteකොල්ලෙකුට තමන් මුලින්ම කරපු ලවු එක අමතක කරන්න බෑ
කෙල්ලෙකුට තමන්ගේ අන්තිමට කරපු ලවු එක අමතක කරන්න බෑ
ඔයා තාම බ්ලොග් එක සින්ඩියකට දාගෙන නෑ . ඉක්මනට සින්ඩියකට දාගන්න නැත්නම් කොහොමද කට්ටිය මේක දකිනේ ? මමත් මේ බ්ලොග් එක දැක්කේ ඔයා දාපු කමෙන්ට් එකකින් ..
සින්ඩියකට ඉක්මනටම දාගන්න ..
කියපු එක සහතික ඇත්ත.
ReplyDelete/* කොල්ලෙකුට තමන් මුලින්ම කරපු ලවු එක අමතක කරන්න බෑ
කෙල්ලෙකුට තමන්ගේ අන්තිමට කරපු ලවු එක අමතක කරන්න බෑ */
මම පෝස්ට් එකට නිමිත්ත කරගත්තේ ආදරේ උනාට මට කතා කරන්න ඕන උනේ හැම හැඟීමක් ගැනම, පොදුවේ.
සඳරු, අනිත් පෝස්ට් ටිකත් කියවල බලල කියපන් මට., මේක සින්ඩියකට දාල අනිත් මිනිස්සුන්ට කියවන්න දෙන එක, ඒ මිනිස්සුන්ගේ කාලය අපතේ හැරීමක් වෙයිද? නැත්නම් කාගේ හරි ජීවිතෙකට මොකක් හරිම දෙයක් ගන්න තරම් පෝස්ට් එකක් මේකේ තියෙයිද කියල? අනික මම ලියන්නෙත් හරිම අඩුවෙන් බං. කම්මැලිකමේ ඉඳිල්ලත් එපාම උනොත් මිසක් ලියන්න එවෙන්නේ නෑ. ඒකයි..
පට්ට පෝස්ට් එක සහතික ඇත්ත කියලා තියෙන්නෙ....
ReplyDelete@අමුතු: ස්තුතියි බොහොම..
ReplyDelete