එයා අහනවා මගෙන්; ඇයි රත්තරන් මෙහෙම කියන්නේ හදිස්සියේ....
මම දන්නේ නෑ. මගෙන් අහන්නත් එපා, ඇයි කියලා.. මට ඕන මගේ ජීවිතේ ඉස්සරහ ගැන හිතල හොඳ තීරණයක් ගන්න. මම ඉස්සරහට මොනවා කරත්, මොන දේ උනත්, මාත් එක්ක ඉන්න පුළුවන් කෙල්ලෙකුයි මට ඕන. ඉස්සර වගේ, සැහැල්ලුවෙන්, හැමදේම ගැන නොහිතා, තීරණ ගන්න බෑ මට. සාමාන්‍ය මිනිහෙක් වගේ ඉන්නයි ඕන මටත්. සාමාන්‍ය රස්සාවක් කරලා, සාමාන්‍ය කෙල්ලෙක් බැඳලා, සාමාන්‍ය ළමයි දෙන්නෙක් හදාගෙන, සාමාන්‍ය ordinary ජීවිතයක් ගෙවල, සාමාන්‍ය විදියට ජීවිතේ අන්තිම කාලේ ගෙවලා සාමාන්‍ය විදියට මැරිලා යන්නයි මට ඕන.. එහෙම ජීවිතෙකට, මාත් එක්ක, මගේ ළඟ ඉන්න පුළුවන් කෙල්ලෙකුයි මට ඕන. අන්න ඒ කෙල්ල තෝර ගනිද්දී., මේ සැරේ, මම ඒ තීරණේ ගන්නේ මගේ හදවතින් නෙවෙයි. මොළෙන්.. ඔලුවෙන් කල්පනා කරලා බලලයි මේ සැරේදී මට ඒ තීරණේ ගන්න ඕන. හදවතට ඉඩ දීපු වෙලාවට අන්තිමට ඉතුරු උනේ කරදර මිසක් වෙන මුකුත් නෙවෙයි. ඒ හින්දවත් මේ සැරේ මොළෙන් මේ තීරණේ ගන්න ඕන.
සද්දයක් නෑ එයාගෙන්.
ඔයාට තේරුම් ගන්න ලේසි වෙන්න, මම කියන්නම් මම ඉන්න තැන. මම ඉන්නේ හැඟීම් වලට කිසිම වටිනකමක් දෙන තැනක නෙවෙයි. හැඟීම් වලින් විතරක් ජීවත් වෙන්න බෑ. ආදරෙන් විතරක් ජීවත් වෙන්න බෑ. මම මේ වෙලාවේ බලන්නේ භෞතික දේවල්. සාධාරණ කරුණු..
මම අහන්නම් ඔයාගෙන් ප්‍රශ්නයක්; මම., මගේ ජීවිතේ වැඩි හරියක් වන ඉතුරු කාලේ, ඔයත් එක්ක ගෙවන්න ඕන ඇයි කියන එකට මට සාධාරණ points දෙන්න.
........................ ... ..
........................ ... ..
හරි, මෙහෙම තෝරද්දී ආදරේ කියන කරුනුත් යම්තාක් දුරකට බලපාන නිසා මම එකටත් යම්කිසි points ප්‍රමාණයක් දෙන්නම්. දන්නවා ඔයා මට ආදරෙයි කියලා. ඒ හින්ද ඒ points ටික එකතු කරා ඔන්න.
වෙන..........................................................................................
'වෙන මුකුත් නෑ රත්තරන් මේ කෙල්ලට ඔයාට දෙන්න. ඔයාට කැමති තීරණයක් ගන්න. හොඳින් ඉන්න. බුදුසරණයි.'
ථීක් ථීක් ථීක්......................
කට් කරන්න කලින් යාන්තමට පොඩි ඉකිබිඳුමක් ඇහුනා මට මම හිතන්නේ.......
.
No comments:
Post a Comment
දැනුණු දෙයක්., පහළින් කියන්න.