Thursday, December 23, 2010

අන්තිම පරිච්ඡේදය |.

සිංහලෙන් බ්ලොග් එකක් කරන අදහස හිතට ආවෙ අද ඊයෙම නෙවෙයි. ඒත් කොහොම කොහොම හරි වැඩේ පස්සට ගියා. ඊටත් කලින් මගේ හිතේ තිබුණේ සිංහලෙන් පත්තරයක් කරන්න. පත්තරයක් කිව්වට පත්තරයක්මත් නෙවෙයි. pdf පත්තරයක්… ඒ වැඩෙත් අතෑරුණා කියමුකො කොහොම කොහොම හරි…
ඒ හැමදේම හිතේම තියාගෙන ඉඳල ඉඳල මල් ඵල ගැන්වෙන්න යන පළවෙනි වතාව තමයි මේ…අන්තිම පරිච්ඡේදය මුලින්ම ලියන්න හිතුවෙ ඇයි කියලා කවුරු හරි අහවි… හිතුනත් අහන්න නම් එපා. මොකද මාත් දන්නෙ නෑ ඇයි කියල නම්… හැමදේම පටන් ගන්න ඕන. ඒක තමයි අමාරුම වැඩෙත් මම හිතන්නේ. ඇත්තටම.., පටන් ගන්න එක කොච්චර අමාරුද කියල හිතෙන්නේත් පටන් ගන්න හදන කොටයි., හරියට දැන් වගේ…
ඊට වඩා සෑහෙන්න ලේසියි අන්තිම පරිච්ඡේදය ලියන එක. ඕක තේරෙන්නේ ඉතින් ලියන්න පටන් ගන්න කොටම තමයි…
අමාරුවෙන් හරි පටන් ගත්තා කියමුකො. ඒත් ලියන්න හැදුවම හිතෙනවා මොනව කියල ලියන්නද කියල. (එහෙමම නෙවෙයි මම කිව්වෙ. හිතාගන්න බෑ කොහෙන් පටන් ගන්නද කියලා…)
පුංචි පුංචි දේවල් කොච්චර තිබ්බත් හිතෙන්නෙ ලොකු දේවල්… ඒත් ඒ දේවල් ලියන්න තියා හිතල ඉවර කරන්නත් බැරි තරම්ද කියල හිතෙනව මට…
මේ ටික කියෙව්වමම හිතෙයිද දන්නෙ නෑ “මේ මොන පිස්සෙක්ද මූට කිසිම දෙයක් හිතාගන්න බෑනේ” කියලා. ඇත්තටම කිව්වොත් ඒකෙත් වැරද්දක් නෑ. හරිම තමයි…
මම හිතන්නෙ.., ජීවිතෙදි අපිට වෙන දේවල් එක්ක බැලුවම., මුකුත් ගැන නොහිතා ඉන්න එක වැඩිය හොඳයිද මන්දා… ඒක ගැන නම් වැඩි දෙනෙක් මාත් එක්ක එකඟ වේවි. කොහොම උනත්.., ජීවිතේ කියන්නෙ හරිම අමුතු දෙයක්. ඒකට ‘අමුතු’ ඇරුනම වෙන වචනයක් හිතා ගන්න බෑ මට… ඒ තරමටම අමුතුයි…
ජීවිතේ ඕනවට වඩා විග්‍රහ කරන්න යන්න එපා. ඒකෙ තියෙන අමුතුම අමුතු අමුත්ත විග්‍රහ කරන්න හදන්නත් එපා. එතකොට ජීවිතේ තවත් අමුතු වෙවි. ඔයාටවත් මටවත් හොයාගන්න, හිතාගන්න බැරි තරම් අමුතු වෙයි.
පරිස්සමෙන්…….
අන්තිම පරිච්ඡේදය දැනට නිමි..

2 comments:

  1. නියමයි මචන්. මටත් අසාවෙන් කියවන්න බ්ලොග් එකක් හම්බ උනා. ජය වේවා.

    ReplyDelete
  2. ස්තුතියි මචෝ.. පුළුවන් වෙලාවට මෙහෙට ගොඩ වැදිලා බලපන්..

    ReplyDelete

දැනුණු දෙයක්., පහළින් කියන්න.